ඇමරිකානු හමුදාව ඉරාන හමුදා ප‍්‍රධානියා මරා දමයි.

0
1025
- Advertisement -

ඉරාකයේ බැග්ඩෑඞ් ගුවන් තොටුපළ බලා යමින් සිටි, ඉරාන හමුදාවේ ඉහළ නිළධාරියෙකු වන ජෙනරාල්, කෝසම් සුලෙයිමනි, [Qassem Soleimani] මීට සුළු මොහොතකට පෙර, ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබෙන, ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා කුමෙයිනි පවසා ඇත්තේ, මේ ඝාතනය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට ඇමරිකාවට සිදුවනු ඇති බවයි. එමෙන්ම, අයතුල්ලා කුමේනී විසින් දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

බැග්ඩෑඩයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට මීට දින කිහිපයකට පෙර, ප‍්‍රහාරයක් එල්ල වූ අතර, ඒ මොහොතේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා සිටියේ, ප‍්‍රහාරයට වන්දි ගෙවීමට ඉරානයට සිදුවනු ඇති බවයි.

ඉරාකය තුළ සටන් වදින ඇමරිකානු විරෝධී සටන් කරුවන්ට ඉරානයේ සහාය ලැබෙන බවට ඇමරිකාව චෝදනා කරයි.

ඉරාන හමුදා ප‍්‍රධානියා ඝාතනය කිරීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඇමරිකානු ධජයක් ඔහුගේ ට්වීටර් පණිවිඩය ලෙස තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + twelve =