ඇමරිකානු සොල්දාදුවෝ ඇෆ්ගනිස්තානයේ දී කළ යුද අපරාධ ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ෂණ අරඹයි.

0
516
- Advertisement -

ඇමරිකානු සොල්දාදුවන් විසින්, ඇෆ්ගනිස්තානයේ දී සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණයක් අරභන බව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසයි.

විමර්ෂණ සිදු කරනු ලබන්නේ, 2003 වසරේ දී, ඇෆ්ගන් රජය, ඇමරිකානු හමුදා සහ තලේබාන් සංවිධානය විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙනි.

මීට පෙරද, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇමරිකානු සොල්දාදුවන්ට එරෙහිව විමර්ෂණයක් ඇරඹීමට සූදානම් වූ අතර, එම අවස්ථාවේ දී තමන්ගේ රටේ සොල්දාදුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ හැකියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නැති බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්. ඇමරිකානු සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයේ දී සිදු කළ යුද අපරාධ ගැන විමර්ෂණ අරඹන බව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප‍්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − twelve =