ඇමරිකානු විරෝධය; දැන් අයතුල්ලා කුමේණී ට එරෙහි විරෝධයක් වී තිබෙන හැටි…!

0
888
- Advertisement -
Share

ඇමරිකානු ගුවන් ප‍්‍රහාර මගින්, ජෙනරල් සුලෙයිමානි ඝාතනය කිරිමෙන් පසුව, ඉරාන ජාතිකයන් තුළ ඇති වූ ඇමරිකානු විරෝධය, මේ වන විට, ඔවුන්ගේම පාලන තන්ත‍්‍රයට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වී තිබේ.

යුක්රේන ජාතික ගුවන් සේවයට අයත්, බෝයිං 737 ගුවන් යානාව අණතුරට පත් වූයේ අත් වැරදීමකින්, තමන් විසින්ම එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරයකින් බවට, ඉරාන රජය විසින් පිළි ගැනීමෙන් පසුව, මෙම නව තත්ත්වය උදා වී තිබේ.

මේ වන විට, ඉරානයේ ආධ්‍යාත්මික නායක කුමේණී ට ඉවත් වන ලෙස බල කරමින් ටෙහරානයේ උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් අනතුරෙන් ඉරාන ජාතිකයන් 82 ක්, කැනේඩියානුවන් 63 ක්, යුක්රේන ජාතිකයන් 11 දෙනෙකු ඇතුළුව 176 දෙනෙකු මියගොස් තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + three =