ඇමරිකානු රාජ්‍ය ලේකම් මේ සතියේ පැමිණෙයි.
එම්.සී.සී ගැන කතා නොකරන බව –
තානාපති කාර්යාලය නොකියයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මේ සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත ය.
එම සංචාරයේ දී, ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරු මුණ ගැසීමට නියමිත බව වාර්තා වේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ , දෙපාර්ශ්වයටම බලපාන කරුණු පිළිබදව පුළුල් ලෙස සාකච්ඡුා කිරීම බව පැවසේ.
ඔහුගේ මෙම සංචාරයේ දී, ආන්දෝලනාත්මක එම්.සී.සී ගිවිසුම පිළිබදව සාකච්ඡුා කිරීමේ සූදානම් පවතී ද යන්න පිළිබදව, සන්ඬේ මෝර්නිං පුවත්පත, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසා ඇති අතර, ඇමරිකානු තානාපතිකාර්යාල ප්‍රකාශිකා, නැන්සි වැන්හෝන්, එය ප්‍රතික්ෂේප කර නැති.