ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ඇමති දිනේශ්ට දුරකථන ඇමතුමක්. එම්.සී.සී. ගිවිසුම ගැනත් කතා කරයි. – අරුණ පුවත්පත.

0
600
- Advertisement -

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ඇමති දිනේශ්ට දුරකථන ඇමතුමක්. එම්.සී.සී. ගිවිසුම ගැනත් කතා කරයි. – අරුණ පුවත්පත.

•නයන තරංග ගමගේ

දේශීය වශයෙන් mcc ගිවිසුම සම්බන්ධයෙන් මතු ඇති සංවාදය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන විශේෂ සකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැපවන බවද තහවුරු කර තිබේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ පෙරේදා (29 වැනිදා) රාත්‍රියේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග දුරකථනයෙන් සිදු කළ සංවාදය අතරතුර මෙම සකච්ඡාව සහ තහවුරු කිරීම සිදුව ඇත.

එම සංවාදයේදී ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දක්වන කැපවීම රාජ්‍ය ලේකම්වරයා විසින් අගය කිරීමට ලක් කර ඇති අතර දෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ තිරසර සවර්ධනය සඳහා වූ කැපවීම ප්‍රකාශ කර ඇත. එසේම කොවිඩ් -19 මර්දනය සඳහා අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය පළකරන බවද ලේකම්වරයා අවධාරණය කරන්නේය.

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් මේවන විට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 06 ක ආධාර පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති අතර දේශීය සෞඛ්‍ය සහ මානුෂීය ගැටලු පිළිබඳ ලේකම්වරයා සහ ඇමැතිවරයා සමාලෝචනයක් සිදුකර තිබේ. මීට අමතරව දෙරට අතර හවුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ජනතාවගේ දිගුකාලීන ස්ථාවරත්වය සහ සමෘද්ධිය පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + sixteen =