“ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා ලංකාවට ආවේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිවයි.” ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසයි.

0
678
- Advertisement -
Share

“ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා ලංකාවට ආවේ
ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිවයි.”
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසයි.

කොවිඩ් -19 වයිරසයට අදාළ පී.සී.ආර්. පරීක්ෂණය මගහැර රටට පැමිණි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකාවේ අනුමැතිය ලැබී තිබුණු බව කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිම්ස් ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පෙරේදා (22 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ සහභාගි වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට නිලධාරීන් ගෙන්වීමේදී විදේශ අමාත්‍යාංශය මගින් ලබාදී ඇති නිර්දේශ අනුගමනය කරනවා. අදාළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලංකාවට ගෙන්වීමට අපිට අනුමැතිය ලැබී තිබුණා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු රටට මුදාහැරීමට සම්පූර්ණ ඉඩ සැලසෙන තුරු ඔහු ගුවන්තොටුපොළේ රැඳී සිටියා. අපිට ලබා තිබූ නිර්දේශ අපි පිළිපැද්දා’’

එසේම 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ රෙගුලාසි පිළිපදිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට යටත්ව අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයා මෙරටට පැමිණි අවස්ථාවේදී තම පාර්ශ්වය කටයුතු කළ බවද තානාපතිනිය එහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් 2020 මාර්තු මාසයේදී විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරටට පැමිණෙන සියලුම දූත මණ්ඩල කොවිඩ් -19 වසංගතය හමුවේ රටේ සෞඛ්‍ය රෙගුලාසි දැමීම පිළිපැදිය යුතු බව දැනුම් දී ඇත.

එසේ වුවද අදාළ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා ගුවන්තොටුපොළින් මුදාහැර තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමකින් තොරවය. අදාළ නිලධාරියා ඊට දින තුනකට පසුව තානාපති කාර්යාල මට්ටමින් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඉන් සමත් වී තිබිණි.

•නයන තරංග ගමගේ /අරුණ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =