“ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ අද උද්ඝෝෂණය කලා සේ චීන තානාපති කාර්යාලය ඉදිරියේ එදා උද්ඝෝෂණය නොකලේ ඇයි..?” මංගල සමරවීර ජවිපෙ න් අසයි.

1
364
- Advertisement -
Share
9 / 100

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ අද උද්ඝෝෂණය කලා සේ
චීන තානාපති කාර්යාලය ඉදිරියේ එදා උද්ඝෝෂණය නොකලේ ඇයි..?
මංගල සමරවීර ජවිපෙ න් අසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැය කිහිපයකට පෙර දී දිවයිනට පැමිණියේ ය. මයික් පොම්පියෝ, නිළ වශයෙන් ම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී හි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති බව පැවසේ. මෙම සංචාරයේ දී නිසැක වශයෙන් ම ඔහු ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අත්සන් තැබීමට නියමිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරනු ඇති.

අද පෙරවරුවේදී, මයික් පොම්පියෝ ගේ ලංකාගමනයට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත් වී ය. ඒ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, මංගල සමරවීර ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ, ජනතා විමුක්ති මයික් පොම්පියෝගේ ලංකාගමනයට එරෙහිව අද පෙරමුණ පැවැත් වූ එම උග්ඝෝෂණය බදු ම උද්ඝෝෂණයක්, සතියකට පමණ පෙර මෙරටට පැමිණි චීන දූත පිරිසේ ලංකාගමනයට එරෙහිවත් පැවැත් වූ වා නම්, ජවිපෙ, සැබැවින්ම රටේ ෙසෙරීත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවට ගෞරවයක් තමන් තුළ උපදින්නට තිබුණු බවයි..!

1 COMMENT

  1. This is completely true. I am also with the same question. This is not Mr Vijeweera’s JVP. This is something other Badakadiththuwak…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − three =