ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන අපේ කාන්තාවන්ට සුද්දන්ගෙන් ලිංගික අතවර

0
1252
- Advertisement -
Share

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකීය කාන්තාවන්ට තානාපති කාර්යාලය තුළ දී ලිංගික අතවරවලට මුහුණ දීමට සිදුව ඇති බව හෙළිදරව් වී තිබේ. කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ඕමාර් රාජරත්නම් යන අයෙකු විසින් මෙම චෝදනාව එල්ල කර තිබේ. මේ වන විට ඔහු ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය නොකරන අතර, විදේශීය මාධ්‍ය ආයතනයක ලාංකීය නියෝජිතයෙකු ලෙස කොළඹ නගරය පදනම් කරගෙන වැඩ කරයි. ඔහු පවසන ආකාරයට, තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටිය දී ඔහු විසින් මෙබදු ලිංගික අතවර සිදුවීම් සම්බන්ධ පැමිණිලි 6ක් හෝ 07 ක් තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී ඇති නමුත්, ඔවුන් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නැත. දේශීය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර පිළිබඳව පමණක් නොවේ, සුදු ජාතිකයන් නොවන අයට තානාපති කාර්යාලය තුළ සිදුව වෙනස් කොට සැලකීමේ සිදුවීම්ද ඇති බව ඕමාර් රාජරත්නම් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 1 =