ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක්.

0
570
- Advertisement -

ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් ලෙස ඉදි වන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරගම රයිගම දී, ඊයේ දිනයේ දී සිදුවිය. බි‍්‍රතාන්‍ය සමාගමක් වන Flexicare සමාගම මෙම ආයෝජනය සිදු කරනු ලබයි.මෙම අවස්ථාවට අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති සේනක ද සිල්වා මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.