ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඞ්න් ජයගනී.
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඞ්න් ජයග්රහණය ලබා තිබේ.
ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස, ජෝ බයිඞ්න් ඉදිරි දිනක දී දිවුරුම් දීමට නියමිත ය.
ජෝ බයිඞ්න් පෙන්සෙල්වේනියාව ජය ගැනීමත් සමග, සී.එන්.එන් පුවත් සේවය, ජෝ බයිඞ්න්ගේ ජයග්රහණය නිල වශයෙන් වාර්තා කර තිබුණි.
ඇමරිකානු ජනාධිපති ධූරයට තේරී පත් වීමට පෙර, ජෝ බයිඞ්න්, බරක් ඔබාමා පාලන සමයේ දී උප ජනාධිපති ලෙස කටයුතු කළේ ය.
ජෝ බයිඞ්න් ජනාධිපති ලෙස තේරී පත් වීමත් සමග, ඇමරිකානු ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිනියද තේරී පත් වීමට නියමිත ය. ඈ, කමලා හැරිස් ය. කමලා, ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකි.
1071071 comment18 sharesLikeCommentShare