ඇමති වීරවංශගේ අයි.සී.යූ ඇද වෛද්‍ය විද්‍යාත්මක බවට සහතිකයක්..!

0
987
- Advertisement -

කොරෝනා වෛරසය සමග සටන් කිරීමට ප‍්‍රමාණවත් තරම් අයි.සී.යූ ඇදන්, මෙරට රෝහල් පද්ධතිය තුළ නැති බව රහසක් නොවේ. මේ නිසාම, අයි.සී.යූ ඇදන් මෙරට තුළම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් ආරම්භ විය. අමාත්‍යවරයාගේ උපදෙස් මත, Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි.

මෙම කටයුත්තට ප්‍රධාන අරධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්විය. මීගමුව, කට්‍ටුව, හලාවත පාර, අංක 451/2 යන ස්ථානයේ පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් (Rex Industries) නිෂ්පාදනාගාරයේදී මෙම කටයුතු සිදු කෙරේ. කොරෝනා වසංගතයට රටක් ලෙස මුහුණදීමේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බරපතලම ගැටළුවක් වන ‘දැඩි සත්කාර ඇඳන් හිඟවීමට කඩිනම් පිළියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ඇ‍රැඹු බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =