ඇමති විමලවීර; තමුසේ ලොක්කෙක් දැයි ඇසූ ඒ වනජීවී නිළධාරියා ගැන ඔබ දන්නවා ද..?

0
985
- Advertisement -
Share
8 / 100

ඇමති විමලවීර; තමුසේ ලොක්කෙක් දැයි ඇසූ
ඒ වනජීවී නිළධාරියා ගැන ඔබ දන්නවා ද..?

වනජීවී රාජ්‍ය ඇමති විමලවීර මහතා සහ වනජීවී නිළධාරීන් කිහිප දෙනෙකු අතර පසුගිය දා ඇති වූ ගැටුම මාධ්‍යයේ උණුසුම් කතාබහක් ඇති කළේ ය. එතැන සිටි එක් වනජීවී නිළධාරියෙකු ඉලක්ක කර ගනිමින්, අමාත්‍යවරයා, තමුසේ ලොක්කෙක් දැයි කියා ද ඇසුවේ ය.

වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ඇමති රොෂාන් රණසිංහ, ඊයේ පාර්ලිමේන්තුවේ දී, අමාත්‍යවරයා සමග ගැටුණු වනජීවී නිළධාරියා මාරු කළ යුතු යැයි නොකියා කීවේ ය. ඊට අමතරව තවත් චෝදනා රැුසක් ඔවුනට එල්ල කළේ ය.

අදාල වනජීවී නිළධාරියා සම්බන්ධයෙන්, පරිසරවේදී නයන රන්වැල්ල මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි. අපි එම සටහන මෙසේ උපුටා දක්වමු.

නයනක රන්වැල්ල මහතාගේ සටහනෙන් වචන කිහිපයක් පමණක් මකා දැමීමට අපට සිදු විය. ඉන් ඒ මහතා අදහස් කළ දෙයට හානියක් සිදු වී නැතැයි අපි විශ්වාස කරමු.

ඇත්තටම කවුද මේ වනජීවීයේ විජේකෝන්…

විමරවිර අහනවා, ඇයි තමුසේ ලොකු ටොක් දෙන්නේ… ලොක්කෙක් ද කියලා… දන්නේ නැති නිසා මේ ටික ලියන්නේ. විමලවිරට දැන ගන්න.

කුමාරසිරි විජේකෝන් වනජීවීයට බැදෙන්නේ 2000 වර්ෂයේ දී. ඒ වනජීවී නියාමකයෙක් ලෙස.වසර 20කට පසු ඔහු අද තුන්වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂකයෙක්. තවමත් තියෙන්නේ පොඩි පඩියක්. ඇමතිවරුන්ට වගේ වගේ ලක්ස ගණන් පඩියක් නෑ විජේකෝන්ට…. යාන- වාහන නෑ. අතට පයට සේවකයෝ නෑ, විජේකෝන්ට.

විජේකෝන්ගේ සහ මේ තක්කඩි ඇමතිලා දෙන්නාගේ එකම සමානකම තමයි දෙන්නාටම මේ වියදම් දෙන්නේ අපේ බඳු මුදල්වලින් වීම. වෙනස තමයි එක් කෙනෙක් ඉතාම අඩු මුදලක් අරගෙන ඒ මුදලටත් වඩා විශාල සේවාවක් රටට කිරීම. අනෙකා ඒ ආකාරයටම ලක්ස ගණනක් අරන් දුෂිතයන් එක්ක ගේම් ගැසීම.

කොහොම වුනත් මේ ටිකත් කියන්නම්. විජේකෝන් ජල ගැලුම් නිම්නයේ අනවසර පදිංචිකරැවන් ඉන්න ගම් පිටින් නඩු කියලා ඉවත් කළ අයෙක්. එක ගමක පවුල් 51ක් හිටියා. විජේකෝන් 51කම ඉවත් කළා. නඩු මගින්. ජල ගැලුම් නිම්නේ. ඒ වගේම තමයි වෙහෙරගොඩයායේ අනවසර වගාකරැවන් 219ටම නඩු දැම්මේ විජේකෝන්. ඒ නඩුත් දින්නා. මේ හරහා බේරා ගත් වන අක්කර ප්‍රමාණය අක්කර 4000 කට වැඩි මිසක් අඩු නැහැ.

2005 වර්ෂයේ දී පොළොන්නරැවේම ඉන්න කොට ඒ වනජීවී බීට්ටුවට මැර ප්‍රහාරයක් එල්ල වුණා. අප දන්න පරිදි ප්‍රහාරය පිටුපස හිටියේ මැණික් මුදලාලිලා වගයක්. ඒ ප්‍රහාරයේදී එක් වනජීවී නිලධාරියෙක් ජීවීතය පුජා කළා. එච් ඒ ධනසිරි ඒ නිලධාරියාගේ නම.

එතන හිටපු ඉතුරැ තුන් දෙනාත් තුවාල ලැබුවා. විජේකෝනුත් එතන හිටියා. විජේකෝන්ට පහර දුන් මැරයෝ ඔහුව ට්‍රැක්ටරයක පිටුපස නංව ගෙන පාරට ගෙනවා. ඔහු හිටියේ සිහිසුන්ව. කකුල් දෙකම කඩලා තිබුනේ. පස්සේ ඔවුන් ට්‍රැක්ටරයේ පිටුපස ඔසවා විජේකෝන්ව පාරට දැම්මා. ඉන් පසුව බස් රථයකට යට කරන්නයි හැදුවේ.

මාස හයක් ඔහු ඇදේ හිටියා. අග්‍රහාර රක්ෂණයෙන් ඔහුට වන්දි වශයෙන් ලැබුනේ රැපියල් තුන් දහස් ගණනක් විතරයි. ඔහු ලියුම් දෙකකින්ම ඉල්ලුවා ඒ මුදල වනජීවී අරමුදලට බැර කරන්න කියලා. විජේකෝන් එහෙම කෙනෙක්.

ඒ විතරක් නෙමෙයි, 2011.11.25 දින එවකට පොළොන්නරැවේ හිටපු දිස්ත්‍රික්ක ලේකම්වරයාගෙන් ඇගයිමේ ලිපියක් ලැබුනා විජේකෝන්ට. එහි සඳහන් වුණේ පොළොන්නරැවේ වැලි ජාවාරම නතර කිරීම වෙනුවෙන් ඔහුට ස්තුති කරලා.230 බී ආකෘති පත්‍රයට අනුව එය පුරවා තිබුනේ. එහි පිටපතක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ටත් යවා තිබුනා. 2017 දී වනජීවී සේවා ප්‍රාසාදීනි ප්‍රණාම උළේලේ විජේකෝන්ට ප්‍රණාම සම්මාන හිමි වුණා.

2005 අප්‍රේල් 23 වැනිදා වනජීවී නිලධාරින් පිරිසක් වේස් වලාගෙන කොටි පාලන ප්‍රදේශයකට ගොස් ඉතාම රහසිගත මෙහෙයුමක් සිදු කළා. ලංකාවේ මෙතෙක් එක් වරක දී අත්අඩංගුවට ගත් වැඩිම ඇත් දළ හා පණු දළ ප්‍රමාණය අල්ලා ගත්තේත් එම මෙහෙයුමේ දී. ඒ ජොඩු 16ක්.ඒ කියන්නේ අලි ඇත්තු 16යකගේ. මෙවැනි සංවිධාන ගත වනජ අපරාධ රැසක් මේ නිලධාරියා මුල් වෙලා ඇල්ලුවා.එහෙම අයෙකුට තමයි මේ චෝදනා එල්ල කරන්නේ. ඇත්තටම වනජීවීයේ කුමාරසිරි විජේකෝන් ලොක්කෙක්…….අපි රැක ගත යුතු උතුම් මිනිසෙක්…..

නයනක රන්වැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 11 =