ඇමති රාජිතගේ නිවසේ අද තීරණාත්මක හමුවක්..!

0
558
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂය ඇතුළුව පක්ෂ සහ සංවිධාන එක්ව පිහිටුවීමට යන නව පෙරමුණ සම්බන්ධයෙන් වන සාකච්ඡවක් අද පෙරවරුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම සාකච්ඡුාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන නායකයන් සහභාගී වීමට නියමිතය.

කෙසේ වෙතත් අද දින පැවැත්වෙන සාකච්ඡව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී නොවන අතර, අගමැති වරයා නියෝජනය කරමින් පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් සහභාගී වන බව පැවසේ.

මෙම හමුවේදී, නව පෙරමුණ බිහිකරන දිනය සහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳවද සාකච්ඡුා කිරීමට නියමිත බව කබීර් හෂීම් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + eighteen =