ඇමති බන්දුලගේඅධි තාක්ෂණ විශ්ව විද්‍යාල 10 ට
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ ම නිළධාරියෙක්ගෙන් බාල්දියක්…!
දැනට, එකදු විශ්ව විද්‍යාලයක් හෝ නැති දිස්ත්‍රික්ක දහයක් ඇති බවත්, ඒ සෑම දිස්ත්‍රික්කයටම අධි තාක්ෂණ විශ්ව විද්‍යාලය බැගින් පිහිටුවීම සදහා තමන් විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින කිසියම් නිළධාරියෙකු විසින් එම වැඩ පිළිවෙළට බාධා කරමින් සිටින බවට ද අමාත්‍යවරයා චෝදනා කළේ ය.
මෙම වැඩපිළිවෙළ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ, අද, පැවති ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ පාර්ලිමේන්තු සැසිය සදහා සහභාගී වෙමින්.
නුවරඑළිය දිස්ත්‍රික්කයටද අධි තාක්ෂණ විශ්ව විද්‍යාලයක් සැලසුම් කර ඇති බවත්, වතුකරයේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනයක් තොණ්ඩමන් මහතාට තිබුණු බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.