ඇමති ධූරය භාර ගැනීම සදහා පිල්ලෙයාන් හෙට නුවර මඟුල් මඩුවට පැමිණෙයි.

0
689
- Advertisement -

ඇමති ධූරය භාර ගැනීම සදහා පිල්ලෙයාන් හෙට නුවර මඟුල් මඩුවට පැමිණෙයි.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත හෙට දිනයේ දී, ටී.එම්.වී.පී පක්ෂයේ නායක, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

දැනට බන්ධනාගාරගතව සිටින පිල්ලෙයාන්, මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වූ අතර, මැතිවරණය ජය ගැනීමට ඔහු සමත් විය.

මැතිවරණය ජයගතහොත්, නිසැක ලෙසම අමාත්‍ය ධූරයෙක් ලබා දෙන බවට රජය පාර්ශ්වයෙන් ඔහුට පොරොන්දු වී තිබුණි.

ඒ අනුව හෙට දිනයේ දී මහනුවර මගුල් මඩුවේ දී සිදුවීමට නියමිත අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය සදහා පැමිණෙන ලෙස ඔහුට ආරාධනා ලැබී ඇති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, පිල්ලෙයාන්ට ලබා දෙන අමාත්‍යංශය පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බවයි පැවසෙන්නේ. එමෙන්ම, දැනට බන්ධනාගාරගතව සිටින බැවින්, හෙට දිනයේ පැවැත්වෙන උත්සව අවස්ථාව සදහා ඔහු සහභාගී කරවා ගැනීම සදහා ගත යුතු නීතිමය පියවර සම්බන්ධයෙන් ද රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 5 =