ඇමති ගම්මන්පිල උදෙන්ම එන්නත විද ගනී. ජනතාවගෙන් මිලියනයක් එන්නත් කරන තුරු තමන් එන්නත ලබා නොගන්නා බව හරීන් කියයි.

0
411
- Advertisement -

ඇමති ගම්මන්පිල උදෙන්ම එන්නත විද ගනී.
ජනතාවගෙන් මිලියනයක් එන්නත් කරන තුරු
තමන් එන්නත ලබා නොගන්නා බව හරීන් කියයි.

තමන් කොරෝනා එන්නත විදගත් බව, අද පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇමති ගම්මන්පිල පිළිගත්තේ ය.

මැති ඇමතිවරු සදහා එන්නත ලබා දීම ආරම්භවන්නේ අද පෙරවරු 8.30 සිට බව වාර්තා වේ. ඒ අනුව, කැබිනට් මාධ්‍ය හමුවට පැමිණීමට කලින්ම, ඇමති ගම්මන්පිල එන්නත විදගෙන තිබේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත විද ගැනීමට ලබා දෙන අවස්ථාව තමන් භාර නොගන්නා බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා මර්දන සටනේ ඉදිරි පෙළ බල ඇණිය සහ වෛරසය ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් ඇති ජන ප්‍රජාව එන්නත් කර අවසන් වන තුරු තමන් එන්නත විද නොගන්නා බවයි හරීන් පවසා තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩය පහත දැක්වේ.