ඇමතිතුමිය බොරු කිව්වා ද..? කොරෝනා රැස්වීම් සදහා අනිල් ජාසිංහට කැදවීමක් නෑ.

0
195
- Advertisement -
Share
4 / 100

ඇමතිතුමිය බොරු කිව්වා ද..?
කොරෝනා රැස්වීම් සදහා අනිල් ජාසිංහට කැදවීමක් නෑ.

කොරෝනා පළමු රැල්ල මර්දනයේ දී විශාල කාර්යය භාරයක් ඉටු කළ, හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජනරාල් අනිල් ජාසිංහ මහතා, නැවත කෝවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම් සදහා කැදවන බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ නමුත්, මෙතෙක් අනිල් ජාසිංහ මහතා එවැනි කිසිදු රැස්වීමක් සදහා කැදවා නැති බව වාර්තා වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනිල් ජාසිංහ මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස මාරු කර යැවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල විය.

එය, අනිල් ජාසිංහ මහතාට ලබා දුන් උසස් වීමක් බව සදහන් වුවද, කොරෝනා වසංගතය අවස්ථාවේ දී ඔහු එසේ මාරු කර යැවීම සිදු නොකළ යුතු බව බොහෝ දෙනාගේ අදහස විය.
කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසුව, මෙතෙක් වෛද්‍ය අනිල් ජාසිංහ කිසිදු රැස්වීමකට කැදවා නැති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + two =