ඇමතිට එරෙහි වූ වනජීවී නිළධාරීන් දෙදෙනාට එරෙහිව ඇමති නියෝගයෙන් විනය පරීක්ෂණ අරඹයි.
වනජීවී රාජ්‍ය අමාත්‍ය, විමලවීර දිසානායක ගේ නියෝග කි්රයාත්ම කිරීම ප්‍රතික්ෂේප කළ, වනජීවී නිළධාරීන් දෙදෙනාට එරෙහිව, ඇමතිවරයාගේ නියෝග මත, විනය පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, ඊයේ දිනයේ දී එම විනය පරීක්ෂණයට අදාල මූලික කටයුතු ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.