ඇදිරිනීතිය ඉවත් කළත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වේ.

0
561
- Advertisement -
Share

මැයි 11 වන දා සිට ඇදිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද, පෞද්ගලික බස් රථ පොදු ප‍්‍රවාහනය සේවයට එක් නොකිරීමට තීරණය කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඇදිරිනීතිය ඉවත් කළද, නිරෝදායන රෙගුලාසි යටතේ, අවම මගීන් ප‍්‍රමාණයක් සමග බස් රථ ධාවනය කිරීමට නියම කෙරී ඇති බැවින්, බස් රථ ධාවනයෙන් රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන්ගේ වැටුප් ගෙවීමට ප‍්‍රමාණවත් තරමේ ආදායමක්වත් තමන්ට ඉපයීමට නොහැකි බවයි, ඔහු පවසන්නේ.

මේ හේතුව මත, තම සංගමය රජයෙන් ඉන්ධන දීමනාවක් ඉල්ලා සිටි බවත්, නමුත්, රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බවත් ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව, පෞද්ගලික බස් රථ, සුපුරුදු ලෙස ප‍්‍රවාහන පද්ධතියට එක් වීමට මැයි මාසයේ අගභාගය දක්වා කල් යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + nine =