ඇගළුම් සේවිකාවගේ දියණිය ගිය පාසලේ සෑම දරුවෙක් ම නිරෝධායනයට යොමු කරයි.

0
264
- Advertisement -

ඇගළුම් සේවිකාවගේ දියණිය ගිය පාසලේ
සෑම දරුවෙක් ම නිරෝධායනයට යොමු කරයි.


කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ දිවුලපිටිය ඇගළුම් සේවිකාවගේ දහසය හැවිරිදි දියණිය ගිය පාසලේ සෑම දරුවෙක් ම නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

අදාල පාසලේ විදුහල්පති තුමාගෙන් දරුවන්ගේ ලිපින සොයා ගෙන, මෙසේ සෑම දරුවෙක්ම නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් බාලසූරිය මහතා පවසයි.

මෙම පාසලේ දරුවන් 1318 දෙනෙකු අධ්‍යාපනය ලබන බව පැවසේ.

පාසලේ සෑම ගුරුවරයෙක් ම සහ අදාල දියණිය ඉගෙන ගන්නා පන්තියේ දරු දැරියන් 40 දෙනෙකු මේ වන විටත්, පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ද ඔහු පවසයි.