ඇගළුම් කම්හල් පොකුරේ – තවත් ආසාදිතයන් 100 ක්
සෞඛ්‍ය අංශ මඟ හරිති.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන සේවක සේවිකාවන් අතරින්, වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වූ තවත් සිය දෙනෙකු පමණ, සෞඛ්‍ය අංශ වෙත භාර නොවී, කට්ටි පනිමින් සිටින බව, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින්, අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
මෙසේ සෞඛ්‍ය අංශ වෙත භාර නොවී, වගකීම් විරහිතව හැසිරෙන ආසාදිතයන් සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබුණි.