ආහාර හිඟයක් ගැන ආණ්ඩුවෙන්ම මත දෙකක් ඉන්ධන මිළ යළිත් ඉහළට

0
85
- Advertisement -

ආහාර හිඟයක් ඇති වීමට කිසිදු අවකාශයක් නොතබන බව මුදල් අමාත්‍ය බැසිල්
රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බැව් අවධාරණය කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය
හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාතශ්‍යාංශ සමග මුදල් අමාත්‍යාංශ‍යේ පැවති සාකච්ඡාවකදීය.
මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශ විසින් නිශ්පාදන ආර්ථිකයට අදාළ අතිරේක ව්‍යාපෘති සඳහා
රුපියල් මිලියන 25,000ක් වෙන් කර ඇති බව ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇතැම් පිරිස් ආහාර හිඟයක් මවා පෙන්වමින් රටේ ජන සමාජය නොමග යවන්නට ගන්නා උත්සාහයක් පිළිබඳව කරුණු දක්වමිනි. ඔහු පවසන
ආකාරයට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම මුදල් වෙන් කර තිබේ. එහිදී සම්පූර්ණ මුදල් එක්වර ලබා නොදෙන අතර
කාර්තුවෙන් කාර්තුව අදාළ ව්‍යාපෘතීන්හි සාර්ථක භාවය සැළකිල්ලට ගනිමින් මුදල් නිකුත් කරන්නට නියමිතය. දේශීය නිශ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිළකට ඒවා ලබාදෙන පිලිවෙතක් අනුගමනය කරන ලෙස එහිදී අමාත්‍යවරයා
නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එසේම රාජ්‍ය සේවය සඳහා අලූතින් සේවකයන් බඳවා නොගෙන, දැනට සිටින සේවකයන්ගෙන්ම අදාළ කාර්යයන් දියත් කිරීමටද ඔහු තීරණය කර තිබෙන බව එහිදී දැනුම් දෙනු ලැබිණි. එසේ වුවද, ඊයේ කැබිනට් තීරණ පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය
බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ලෝක ඉතිහාසයේ පැතිරුණ සෑම වසංගත රෝගී තත්වයකට පසුවම ආහාර හිඟයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවය. ඔහු මේ බව
ප්‍රකාශ කළේ ඉන්ධන මිළ වැඩිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි. ඒ අනුව පරිප්පු, කිරිපිටි, ගෑස්, ආදියට අමතරව ඉන්ධන මිළ ඉහළ යා හැකි බව පැවසූ අමාත්‍යවරයා එය
සිදුවන ක්‍රමවේදය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් සාකච්ඡා කරන බව හෙළි කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =