ආසියාවේ දරුණුතම උද්ධමනය ලංකාවෙන් – මහාචාර්ය ජනක් කුමාරසිංහ.

0
79
- Advertisement -

“ආසියාවේ දරුණුතම උද්ධමනය ලංකාවෙන්.”
මහාචාර්ය ජනක් කුමාරසිංහ.

ආසියාවේ දරුණුතම උද්ධමනය ශ‍්‍රී ලංකාවේ පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ සදහන් කරයි.

රට තුළ මේ වන විට පවතින ඉහළ උද්ධමනය අතාර්කික ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හටගෙන ඇති බවත්, මෙම තත්ත්වය ආසියාවේ පවතින දරුණුතම ආහාර උද්ධමනය ලෙසම සැලකිය හැකි බවත්, මෙම උද්ධමනය ලෝකය මුහුණ දෙන කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන උද්ධමනය අනුව ආරාධනා කර කැදවාගත් උද්ධමනයක් බවත් ඔහු පැවසීය.

පවතින උද්ධමනකාරි තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ඉඩ නොදී පාලනය කිරීමට නොහැකි වුවහොත් සමස්ත ආර්ථිකයටම නොසිතූ ආකාරයේ බලපෑමක් ඇති විය හැකි බවද ජගත් කුමාරසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරක් ඇතැයි ද මෙය තවදුරටත් ඉහළ යාමට නොදී පාලනය කර ගත නොහැකි වුවහොත් සමස්ත ආර්ථිකයටම ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බවද ඔහු අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය සැප්තැම්බරයේ සියයට 6.2 ක් ලෙස පැවති, වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 ක් දක්වා ඉහළ ගොනස් තිබේ. ඒ සදහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් ඉහළ යාම බලපා ඇති බව මහ බැංකුව පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට 10 ක් ලෙස පැවති ආහාර ඛාණ්ඩයේ උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 11.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


මුහම්මිද් තාරික් -අනිද්දා පුවත්පතට සපයා තිබෙන වාර්තාව උපුටා ගැනීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + three =