ආවා කල්ලි සාමාජිකයා වෙඩි පහරින් මරුට.

0
729
- Advertisement -

යාපනය මානිප්පායි, ඉනුවිල් ප‍්‍රදේශයේදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා දියත් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී, පොලිස් අණ නොතකා, රැුකවලේ සිටි පොලිස් නිළධාරීන්ට ද පහර දී පලා ගිය ආවා කල්ලි සාමාජිකයන් පිරිසකට පොලීසිය විසින් කරන ලද වෙඩි තැබීමෙන්, එක් අයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ, යාපනය කොඩිකාමම්, කච්චායි ප‍්‍රදේශයේ පදිංචි, සෙල්වරත්තිරම් කවිගජන් නමැති වයස අවුරුදු 22 ක් වන තරුණයෙකි.

පොලිස් වෙඩි ප‍්‍රහාර මධ්‍යයේ අනෙකුත් ආවා කල්ලි සාමාජිකයන් පලා ගොස් ඇති අතර, ඔවුන් පැමිණි යතුරු පැදියක්, කඩු ඇතුළු කැපුම් ආයුධ කීපයක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + twenty =