ආවා කල්ලියේ සාමාජිකයන්ටත් වැඩ වරදී

0
824
- Advertisement -

යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රබලයින් දෙදෙනෙකු ඇතුළු 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට යාපනය පොලීසිය පවසනවා.

මේ අතර මාණිප්පායි ඉනුවිල් ප්‍රදේශයේ දී සෝදිසි මුරකාවල් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමට පැමිණ පලා ගිය ආවා කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ද මේ වන විට හඳුනාගෙන ඇති බවටත් ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර අදාළ ගැටුමේදී ආවා කල්ලි සාමාජිකයකු මිය ගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී යාපනය පොලිස් ස්ථාන මගින් සිදු කරන ලද විශේෂ සෝදිසි වලදී ස්ථාන කිහිපයකින්ම ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙතට ඉදිරිපත් කර තිබෙනවා.

එම පිරිස් සිටින බවටත් එම පිරිස් හා යාපනයේ ක්‍රියාත්මක තවත් කුඩා කල්ලි සමග පවතින ගැටුම් හේතුවෙන් වරින් වර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමට හේතු වී ඇති බවටද එම පිරිස් ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.