“ආරක්ෂිත ඇදුම් නෑ; දේශපාලනඥයන්ගෙන් සහ මැරයන්ගෙන් එල්ල වන තර්ජනවලට විසදුම් නෑ..!” 5000 සහන බෙදීමෙන් ග‍්‍රාමනිළධාරීන් ඉවත්වන බව කියයි.

0
292
- Advertisement -
Share

ලොක් ඩවුන් කරන ලද වසම්වල රාජකාරියේ නිරතවන ග‍්‍රාම සේවා නිළධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇතත්, එම ඇදුම් තවමත් සපයා නැති බව ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිළධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

එමෙන්ම, සේවයේ නියුතුව සිටින ග‍්‍රාම නිළධාරීන්ට එරෙහිව මැරයන්ගෙන් සහ දේශපාලඥයන්ගෙන් එල්ල වී තිබෙන තර්ජන පිළිබදව විමර්ෂණය කිරීම සදහා, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ වෙනම පොලිස් ඒකකයක් පිහිටුවන ලෙසටද ඔවුන් ඉල්ලා සිටියි.

මෙම ඉල්ලීම් මෙතෙක් සපුරා නැති නිසා, රුපියල් 5000 සහන බෙදා දීමේ වැඩසටහනින් තමන් ඉවත් වන බව, ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිළධාරී සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =