ආරක්ෂක ලේකම්ගේ ප‍්‍රකාශය වැරදියි.

0
498
- Advertisement -
Share

පාස්කු ඉරිදා සිද්ධ වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පළ කළ අදහස් සාධාරණ නොවන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. හෝටල් වලට ආරක්ෂාව ලබා දීම රජයේ වගකීමක් නොවන බව ආරක්ෂක ලේකම් වරයා විදේශ මාධ්‍යවේදියා හමුවේ ප‍්‍රකාශ කර තිබුණි. එම අදහස විවේචනය කරමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, රටේ සෑම ආයතනයකම සහ සෑප පුද්ගලයෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවයි.

අදාල සාකච්ඡවේ දී හේමසිරි ප‍්‍රනාන්දු ආරක්ෂක ලේකම් වරයා විදේශ මාධ්‍යවේදියා හමුවේ කියා සිටියේ, කිසියම් ප‍්‍රහාරයක් සිදුවන බවට ආරංචි වී තිබුණු නමුත්, මේ තරම් බරපතල ප‍්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බවයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඒ අදහසද විවේචනය කළේ ය. පුද්ගලයන් තුන්සියයක් නොව, එක් පුද්ගලයෙකු ඝාතනය වන ආකාරයේ ප‍්‍රහාරයක් හෝ එල්ල වන බවට බුද්ධි අංශ විසින් අදාල පාර්ශ්වයන් දැනුවත් කර තිබුණා නම්, ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස අවධානය යොමු විය යුතුව තිබුණු බව ෆීල්ඞ් මාර්ෂල් වරයා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 1 =