ආරක්ෂක අමාත්‍යංශය බලවත් කිරීම ගැන මංගල කණස්සල්ලෙන්.

0
557
- Advertisement -

අමාත්‍යංශ සහ ඒවාට අයත් විෂය පථයන් පිළිබදව විස්තර ඇතුළත් ගැසට් පත‍්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ දී නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව, ආරක්ෂක අමාත්‍යංශය ඉතා බලගතු අමාත්‍යංශයක් වී ඇති බව සදහන් කරමින්, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීම, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සහ නීතිය හා සාමය පවත්වාගෙන යෑමට අදාල සියලූ කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ විවේචනයට ලක්ව ඇති බව ඔහුගේ එම ට්විටර් පණිවිඩයෙන් පෙනේ.

මංගල සමරවීර මහතා ගේ එම ට්විටර් පණිවිඩය සහ තවත් ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ කිහිපයක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − one =