ආයෙමත් පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට අනුග‍්‍රහය දක්වන්න ලංකාව කැමැත්ත පළ කරයි….! 2011 වසරේ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය.

0
91
- Advertisement -

ආයෙමත් පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට අනුග‍්‍රහය දක්වන්න
ලංකාව කැමැත්ත පළ කරයි….!
2011 වසරේ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය.

2026 පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල සදහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකාව සූදානම් වන බව ද මෝර්නිං පුවත්පත වාර්තා කර සිටියි.

ලංකාවට අමතරව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ කැනඩාව මේ සදහා ඉල්ලූම් කර තිබේ.
මීට පෙර 2011 වසරේදී, පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට අනුග‍්‍රහය දැක්වීමට ලංකාව කැමැත්ත පළ කළ අතර එම අවස්ථාවේ දී ලංකාවේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය.

ක‍්‍රීඩා උළෙල පවත්වන්නේ නම් ඊට සුදුසු ලෙස යටිතල පහසුකම් රට තුළ සංවර්ධනය කළ යුතුව තිබුණු අතර, 2011 වසරේ දී රුපියල් බිලියන 265 ක මුදලක් ඒ සදහා වැයවන බව ගණන් බලා තිබුණි.

ඒ වන විට පැවති රජයට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් එල්ල විය.

පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල මෙරටට ලබා ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළ දින රාත‍්‍රියේ, ලන්සු ඉදිරිපත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා නියෝජිතයන් පිරිස බයිලා ගීතයට නටන හැටි දැක්වෙන ඡයාරූපය ඒ දිනවල මහත් සේ ජනප‍්‍රිය විය.

එම ඡයාරූපයේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙන්ම මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − one =