ආනවිළුන්දාව ඩෝසර් කළ
ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා තවමත් අත් අඩංගුවට ගෙන නෑ.
ඉස්සන් වගාවක් සදහා, ආනවිළුන්දාව අභය භූමියෙන් යම් භූමි ප්‍රමාණයක් ඩෝසර් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන, අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත, පොලිස් අත් අඩංගුවට පත් නොවී, පොලිසියට කට්ටි පනිමින් සිටී.
සැකකාර ජගත් සමන්ත, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.
මේ අතර, හලාවත කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින්, අදාල සැකකරුගේ නිවස පිටුපස තිබී කසිප්පු බෝතල් විස්සක් සොයා ගෙන ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.