ආනයනය තහනම් කර තිබෙන සම්බා සහල් තොගයක් පාකිස්ථානයෙන් ලංකාවට.

0
427
- Advertisement -
Share

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළද ගිවිසුමට අනුව, පාකිස්තානයේ නිෂ්පාදිත බාස්මතී සහල් මෙටි‍්‍රක් ටොන් 6000 ක ප‍්‍රමාණයක් ලංකාවට ගෙන්වීමේ අවසරය තිබේ.

මෙසේ බාස්මතී සහිල් ආනයනයට රජය අවසර ලබා දී ඇත්තේ ලංකාවේ බාස්මතී සහල් නිෂ්පාදනය නොකරන බැවිනි.

කෙසේ වෙතත්, රටවල් දෙක එළඹ තිබෙන ගිවිසුම අනුව ආනයනය කිරීමට නීත්‍යනුකුල අවසරය තිබෙන බාස්මතී සහල් වෙනුවට, පාකිස්තානයේ නිෂ්පාදිත සම්බා සහල් විශේෂයක් ලංකාවට ගෙන්වීමට සහල් ආනයන කරුවන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙය ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය එළඹ තිබෙන නිදහස් වෙළද ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + thirteen =