ආණ්ඩුවේ ශිෂ්‍ය සංගමයෙන් වාමාංශික ශිෂ්‍ය සංගමයට ප‍්‍රහාරයක්.

0
424
- Advertisement -

නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ එහි කතිකාචාර්යවරු ඉලක්ක කර ගනිමින්, දරුණු ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. පොලූ මුගුරු රැගත් ප‍්‍රහාරකයන් පැමිණ තිබුණේ මුහුණු ආවාරණය කරගෙන යි.

ප‍්‍රහාරය සදහා පැමිණි මෙම මුහුණු ආවරණය කරගත් පිරිස, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ශීෂ්‍ය සංගමයක සාමාජිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑතකදී ආණ්ඩුව විසින් විශ්ව විද්‍යාල නේවාසිකාගර ගාස්තු ඉහළ නංවා තිබුණු අතර, ඊට විරෝධය පාමින් පැවති රැුස්වීමකට මෙසේ ප‍්‍රහාර එල්ල වී තිබේ.

ප‍්‍රහාරයෙන් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + ten =