“ආණ්ඩුවේ අළුත් චක‍්‍රලේඛයෙන් සිරීපාද රක්ෂිතය ද ඇතුළුව වනාන්තර සහ පුරාවිද්‍යා ඉඩම් ලක්ෂ 12 ක් අනතුරේ.” වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

0
212
- Advertisement -
Share
5 / 100

“ආණ්ඩුවේ අළුත් චක‍්‍රලේඛයෙන් සිරීපාද රක්ෂිතය ද ඇතුළුව
වනාන්තර සහ පුරාවිද්‍යා ඉඩම් ලක්ෂ 12 ක්
අනතුරේ.” වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය වහාම අත්හිටුවිය යුතු බවත් එය ක්‍රියාත්මක වුවහොත් වනාන්තර හා පුරාවිද්‍යා බිම් අක්කර ලක්ෂ 12ක් අනතුරට පත්වන බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා පැවසීය.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2001 වසරේ නිකුත් කරන ලද 5/2001 චක්‍රලේඛය මගින් පුරාවිද්‍යා බිම් සහ වනාන්තර අක්කර ලක්ෂ ගණනක් නෛතිකව ආරක්ෂා වී පැවැති බවයි.

පසුගියදා නිකුත් කළ 01/2020 චක්‍රලේඛය මගින්, පුරාවිද්‍යා බිම් සහ වනාන්තර දේශපාලකයකුගේ හෝ නිලධාරියකුගේ එක් පෑන් පහරකින් විනාශ වීමට ඉඩ ඇති බවත් ඒ නිසා මින් ඉදිරියට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශයක් හෝ අදාළ ව්‍යාපෘති යෝජනාවට පරිසර ඇගයීම් සහතිකයක් අවශ්‍ය නොවන බවත් අවධාරණය කළ හෙතෙම මෙසේද කීවේය.

‘‘5/2001 චක්‍රලේඛය මගින් සිරිපාදේ එරත්න ගිලීමලේ අක්කර හැට හතරදාහක්, බිබිල නිල්ගල අක්කර ලක්ෂයක්, අනුරාධපුර ආනවිලුන්දාව අක්කර පන්දාහක් සහ නුවරඑළිය කිකිලියාමාන අක්කර දසදහසක් ආරක්ෂා වෙලා තිබුණා. එම්.සී.සී. න්‍යායපත්‍රයේ අවශ්‍යතාවක් අරමුණු කර ගනිමින් 01/2020 චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා. මෙම චක්‍රලේඛයේ 4.1 යටතේ ව්‍යාතිරේඛ හඳුන්වා දී තිබුණද, ඒ ව්‍යතිරේඛවලට ගැළපෙන පරිදි ප්‍රවේසම් වීමේ යාන්ත්‍රණයක් සකස් කර නැහැ. ඒ වගේම අනතුරට මුහුණ දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර නැහැ.’’

•චාමර පල්ලේගෙදර / aruna E paper ලිපියේ මාර්තෘකාව පමණක් තරමක් වෙනස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =