ආණ්ඩුකාර හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත‍්‍රිකුණාමලය උණුසුම් වෙයි

0
660
- Advertisement -

ත‍්‍රිකුණාමලය නගරය කන්තලේ සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුල කඩ සාප්පු වසා දමා තිබු අතර පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

ලංගම බස් රථ පමණක් ධාවනයේ යෙදුණු අතර ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වු ලංගම ඩිපෝවට අයත් බස් රථයකට එල්ලවු ගල් ප‍්‍රහාරයකින් එහි ඉදිරි පස විදුරුවට හානි වි තිබේ.

මේ අතර ත‍්‍රිකුණාමලය නුවර ප‍්‍රධාන මාර්ගයේ පහේ කණුව ප‍්‍රදේශයේදී මෙම ගල් ප‍්‍රහාරය එල්ල වී ඇත, රියදුරු බස් රථය මගීන් සමග නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි පොලිස් මාර්ගය වෙත ගෙන ගොස් තිබුණි.

ත‍්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සංගම හංදියේ සහ නිලාවෙලි මාර්ගයේ තුනේ කණුව මංසංධියේදි මාර්ගය අවහිර කර ටයර් පුලූස්සා තිබු අතර පොලිසිය මැදිහත්ව එම ටයර් ඉවත් කරන ඇත.

ප‍්‍රදේශයේ පාසල් කිහිපයකටම කිසිදු දරුවෙකු පැමිණ නැති බව අපට වාර්තා වේ, හමුදාව පොලිසිය හා සිවිල් ආරක්සක බලකා නිලධාරින් පාසල් වල ආරක්ශාවට යොදවා ඇති අතර රාජ්‍ය ආයතන හා බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුවද එහි කාර්ය මණ්ඩල වල පැමිණීමේ අඩුවක් දක්නට ලැබේ. මෙම තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + eighteen =