ආගමික හා ජන වාර්ගික ප‍්‍රශ්නයට සජිත්ගෙන් ආන්දෝලනාත්මක විසදුමක්.

0
579
- Advertisement -
Share

රට තුළ ආගමික සහ වාර්ගික ප‍්‍රශ්න ඇති වී ඇත්තේ නිවාස ප‍්‍රශ්නය විසදා නැති නිසා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

දශක තුනක් තිස්සේ ඇදී ගිය උතුරේ ඊලාම් යුද්ධයට නායකත්වය දුන් ප‍්‍රභාකරන් ට මෙන්ම, පාස්කු ප‍්‍රහාරයට නායකත්වය දුන් සහරාන්ට ද තමන්ගේ කියා නිවසක් නොතිබුණු බවත් ඔවුන් දෙදෙනාම කුළී නිවාසවල ජීවත් වූ අය බවත් අමාත්‍යවරයා පවසයි. මේ හේතුව මත, නිවාස ප‍්‍රශ්නය විසදීමෙන් ආගමික සහ වාර්ගික ප‍්‍රශ්නය විසදීමට හැකි බව අමාත්‍යවරයා විශ්වාස කරයි.

මීට අමතරව, රට තුළ ඇති ආර්ථික අර්බුදයට මුහුණ දීමට බුදු දහම පිටිවහලක් කර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි. රට දැහැමි නම්, ආර්ථික සංවර්ධනය ඉබේම සිදුවන බව පවසන අමාත්‍යවරයා දැහැමි සමාජයක් ගොඩ නැගීම සඳහා මේ වන විටත්, තමන් චෛත්‍ය 5000 ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, තමන් ජනාධිපති වූ පසු එම ප‍්‍රමාණය තවත් 5000 කින් වැඩි කරන බවත් පවසා තිබේ. එමෙන්ම, සසුනට දරුවෙකු පූජා කරන සෑම දෙමව්පියෙකුටම, රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දීමටද අමාත්‍යවරයා තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − seven =