“අළුතින් හදුන්වා දී තිබෙන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය; පස් සහ වැලි මාෆියාවට උඩගෙඩි දීමකි.” පරිසර යුක්ති කේන්ද්‍රය.

0
373
- Advertisement -
Share

“අළුතින් හදුන්වා දී තිබෙන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය; පස් සහ වැලි මාෆියාවට උඩගෙඩි දීමකි.” පරිසර යුක්ති කේන්ද්‍රය.

ජුනි මස සිට හදුන්වා දුන් නව ඛනිජ ප්‍රවාහන බලපත්‍රය ප්‍රෝඩාවක්

හේමන්ත විතානගේ

නව ජනාදිපති හා විසිරුවා ඇති නව රජය බලයට පත්වීමත් සමග පළමුව කරන ලද කාර්යය වුයේ වැලි හා පස් ප්‍රවාහනයට එතෙක් පැවැති ලපත්‍රය ඉවත් කිරීම්යි.

මේ පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට පෙත්සමත් ඉදරිපත් කරන ලද අතර පසුගිය ජුනි පළ වන දා සිට නැවත ප්‍රවාහන බලපත්‍රය අවශ්‍ය බව භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය පොලිසිය දැනුවත් කර ඇත .

එහෙත් එම බලපත්ත්‍රය යම් ප්‍රෝඩාවක් බව බැලූ බැල්මට පෙනෙන්නට ඇත. කාර්යාංශය විසින් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේදී යොදාගනු ලබන වාහනයේ අංකය එම බලපත්‍රයේ සඳහන් නොකරන අතර පසුව ප්‍රවාහනය කරන අවස්ථාවේදී බලපත්‍ර ලාභියා හෝ අනුනියෝජිතයා එය ප්‍රවාහන බලපත්‍රයට ඇතුළත් කළ යුතුය .

මේ හරහා දවසේ ඕනෑම වේලාවක ප්‍රවාහනය සිදු කළ හැක .

එහි ගමන් ගන්නා මාර්ග මාර්ගයක් ද ඇතුලත් නොවේ. මේ වනවිටත් මෙම බලපත්‍ර අත්සන් කරන නිලධාරීන් පවසන්නේ තමයි හිස් බපත්‍රයකට අත්සනක් යොදන ලෙසට මෙම ක්‍රමවේදය සකස් කර ඇති බවයි .

පැරණි ක්‍රමවේදය තුළද බොහෝ නීති විරෝධී දෑ සිදු වූ අතර නව ක්‍රමවේදය මහත් ප්‍රෝඩාවක් ලෙස පෙනී යයි. මෙම ක්‍රමය වැලි හා පස් ‍ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම් සම්බන්ධයෙන් ඇතිවූ මහජන විරෝධය හා පාරිසරික විරෝධය මග හැරීම පිණිස සකස් කර ගන්නා ලද හරිත ශෝධනයක් බව පෙනී යයි.

මෙමගින් වැලි හා පස් කපා විකුණා පරිසර හානි සිදුකරමින් සිදුකරන මුදල් හම්බ කිරීමේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය කිසිසේත් පාලනය වීමක් සිදු නොවන බව මගේ අදහසයි.කලින් පැවති ක්‍රමය තුලද භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය විසින් වැලි ඉල්ලුමෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් පමණක් නියාමනය කරනු ලැබින. නව ක්‍රමය මගින් පොලිසියට කිසිවක් පාලනය කළ නොහැක.

පොලිසිය මෙම බලපත් හරහා මුදල් ලබාගත් බව නොරහසකි. එහෙත් බලපත්‍ර පරික්ෂ කිරීමට වෙනත් ක්‍රමවේදයක් භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයට නොමැත. කනිජ කැණීමේදී පාරිසරික ආරක්ෂාව බරපතල ප්‍රශ්නයක් බව අපි සෑම විටම පෙන්වා දී ඇත්තෙමු. එයට විසදුමක් මෙමගින් නොලැබේ.

භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයහි ඉහළ කළමනාකාරිත්වය වැලි මාෆියාවෙන් සඳහා විශාල මුදලක් උපයයි. මෙමගින් එය තවදුරටත් පවත්වාගෙන යනු විනා පරිසරයට කිසිදු සෙතක් සිදුනොවනු ඇත යන්න මගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =