අළුත් පක්ෂයක් හැදුවොත් පාරක් ගානේ අපිව ඇවිද්දවනවා කී උදවිය දැන් මගේ පස්සෙන් ඇවිදිනවා.

0
580
- Advertisement -

අළුත් දේශපාලන පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවට තම පිරිස්ට තර්ජනය කළ උදවිය, දැන් තමන් හැදු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා ලබා ගැනීමට තමන් පස්සේ එන බව, ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සංවිධානය කළ උත්සව සභාවක් අමතමින්, ඒ මහතා මේ බව පවසා තිබේ. මෙම ජනහමුවේදී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය වන ආකාරයේ අදහස් කිහිපයක් ම බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ. ඕනෑම කෙනෙකුට සමාව දීමට තමන් සූදානම් නමුත්, අතීතය අමතක නොකරන බවද ඔහු පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =