අළුත් ආණ්ඩුව යටතේ නූරි වත්තේ අත කොටා යළි ඉපදෙයි..!

0
6034
- Advertisement -

සිරගතව සිටින රුවන් චම්පික විජේසිංහ හෙවත් අත කොටාගේ සහචරයන්, නැවත, නූරි වත්තට භීෂණය කැදවා ඇති බව වාර්තා වේ.

අතකොටා හෙවත් රුවන් චම්පික විජේසිංහ මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතව යි. ඒ නූරි වත්තේ වතු අධිකාරිවරයා ඝාතනය කිරීමේ වරදට මරණ දඩුවම් ලබා ය.

කෙසේ වෙතත්, අතකොටාගේ අනුප‍්‍රාප්තිකයෙකු මේ වන විට නූරි වත්තට පැමිණ සිටියි. ඒ, රුවන් ලංකා විජේවීර ය.

රුවන් ලංකා විජේවීර, අතකොටාගේ වැඩිමල් සහෝදරිය වන කසිප්පු රංජනීගේ පුතෙකි.
රටේ පාලන බලය හිමි වී තිබෙන්නේ, අතකොටා සහ ඔහුගේ අලූත් අනුප‍්‍රාප්තිකයා නියෝජනය කළ දේශපාලන කදවුරට යි.

මේ නිසා නූරි වතතේ ජනතාව දැඩි බියකින් පසුවෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරණය පැවති දවසේ, ”උඹ හංසයාට ඡුන්දය දැම්මා නේද” කියා අසමින් ඡුන්දය දමා ආ අයෙකුට, අතකොටාගේ අලූත් අනුප‍්‍රාප්තිකයා පහර දී තිබේ.

මෙවැනි සිදුවීම් රැසක් නූරි වත්තේ සිදුව ඇති බව වාර්තා වේ.

මේ සියලූ සිදුවීම් පිළිබදව අගනා රචනාවක්, නූරිය යළිත් භිෂණය යන හිසින් සති අග රාවය පුවත්පතට, නිමල් අබේසිංහ නම් මාධ්‍යවේදියා විසින් ලියා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − twelve =