අහෝ ඉන්දියාව..!
ගිලන් රථයේ රියැදුරා රෝහලට ගෙන යමින් සිටි
19 හැවිරිදි කොරෝනා ආසාදිත තරුණිය දූෂණය කරයි.
ගිලන් රථ රියැදුරෙකු විසින්, රෝහල වෙත රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිත 19 හැවිරිදි තරුණියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
සිද්ධිය වාර්තා වන්නේ කේරලයෙනි. දූෂකයා විසිපස් හැවිරිදි තරුණයෙකි.
පසුගිය සෙනසුරාදා දිනයේ මෙම සිදුවීම සිදුව තිබේ. තරුණිය, ඇගේ ඥාතීන්ගේ නිවසක නිරෝධායනයට ලක් වෙමින් සිට ඇති අතර, කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට පසුව ඇය කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු බව තහවුරු වී තිබේ. ඉන්පසුව, එම තරුණිය රෝහල වෙත රැගෙන යාමට පැමිණි ගිලන් රථ රියැදුරා තරුණියට මෙම අතවරය සිදු කර තිබේ.
තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අතර, ගිලන් රථ රියැදුරා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.