අසාද් සාලි ඇත්තටම කියූ දේයි – මාධ්‍ය වාර්තා කර තිබෙන දේයි පරස්පරයි. – කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්.

0
229
- Advertisement -

අසාද් සාලි ඇත්තටම කියූ දේයි – මාධ්‍ය වාර්තා කර තිබෙන දේයි පරස්පරයි.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්.

අසාද් සාලී විසින් කරන ලද සම්පූර්ණ ප‍්‍රකාශයේ අර්ථය සහ මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරන ලද සංස්කරණය කරන ලද කොටසේ අර්ථය අතර පරස්පරතාවයක් දැකිය හැකි බව තමන්ට පැහැදිලිව ම නිරීක්ෂණය වූ ෙ ව්යැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පවසා තිබේ.

ඔහුගේ සම්පූර්ණ ප‍්‍රකාශයෙන් අසාද් සාලි යෝජනා කරන්නේ එක් ජාතියක් ලෙස නැගී සිටීමේ වැදගත්කම යැයි ඕනෑම අයෙකුට පෙනී යනු ඇතැයි මහේස්ත‍්‍රාත්වරයා පවසයි. ඒ නමුත්, එම අර්ථය වෙනස් වන ලෙසට අදාල ප‍්‍රකාශය සංස්කරණය කර තිබේ.

මුල් අර්ථය වෙනස්වන ලෙසට එවැනි සංස්කරණයක් සිදු කළ පුද්ගලයන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතු යැයි මහේස්ත‍්‍රාතුමා පවසා තිබේ.

ත‍්‍රස්තවාදය වැලැක් වීමේ පනත හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වරදක් සිදු කර ඇති බවට ඔහුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි නොමැති බැවින්, ඔහු ඇපමත මුදා හරින ලෙස අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ නමුත්, අදාල මාධ්‍ය හමුව පදනම් කර ගනිමින් මහාධිකරණයට අධි චෝදනා ගොනු කර තිබෙන බැවින්, ඔහුට ඇප ලබා දීමට තමන්ට බලයක් නැති බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පවසා තිබේ.

අසාද් සාලි විසින් ආන්දෝලනයට ලක් වූ එම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ මාර්තු මාසයේ 09 වන දා ය. අසාද් සාල අත් අඩංගුවට ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් එම මාර්තු මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 14 =