ආණ්ඩුකාරවරු තිදෙනෙක්, අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී තිබේ.
ඒ අනුව, ඉල්ලා අස් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මෛත්‍රී ගුණරත්න මහතා ඌව ආණ්ඩුකාරවරයා ලෙසත්, ඉල්ලා අස් වූ දකුණු පළාත් ආණ්ඩුකාර, කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් ව සිටිති.
එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාල් ගුණසේකර මහතා දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.