“අස්වැන්නට මිලක් නෑ. අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් එකසිය පනහයි.” ගම්මිරිස් ගොවියෝ කියති.

0
379
- Advertisement -
Share

“අස්වැන්නට මිලක් නෑ.
අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් එකසිය පනහයි.”
ගම්මිරිස් ගොවියෝ කියති.

මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම ගම්මිරිස් අස්වැන්න බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සෑම කන්නයකම නෙළනු ලබයි. මේ වන විට බඩල්කුඹුර ප්‍රදේශයේ ගම්මිරිස් අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කර ඇත. එහෙත් අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගත නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත් වී ඇති බව ගොවීහු පවසති.

ඒ මෙවර අමු ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් එකසිය පනහක් වැනි අඩු මුදලකට අලෙවි වන බැවිනි.

මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලීමක් කරති. බලධාරීන් කිසිවකුත් මේ වන තෙක් තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් ලබා නොදුන් බවත් ගොවීහු පවසති.

•ජයන්ත වීරසේකර – වැල්ලවාය @ aruna/Epaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =