“අශුද්ධ සන්ධානය හෙළිදරව් කිරීමට හරීන්ට තිබෙන ධෛර්යය ගැන මම සතුටු වෙමි.” මංගල සමරවීර

0
1636
- Advertisement -
Share

“අශුද්ධ සන්ධානය හෙළිදරව් කිරීමට
හරීන්ට තිබෙන ධෛර්යය ගැන මම සතුටු වෙමි.”
මංගල සමරවීර

පසුගිය දා පොලොන්නරුවේ පැවති ජනහමුවක දී, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාදිනල් හිමිපාණන් පිළිබදව කරන ලද ප්‍රකාශය, සමාජය තුළ මහත් ආන්දෝලනයක් මතු කර තිබේ.

බොහෝ දේශපාලනඥයන්, හරීන්ගේ එම ප්‍රකාශය පිළිබදව ඔවුන්ගේ කණස්සල්ල ප්‍රකාශ කළත්, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතානම්,හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පසසමින්, ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

වත්මන් පාලන තන්ත්‍රය පිහිටුවීමට උපකාර කළ අන්තවාදී බෞද්ධ භික්ෂූන් සමග, කතෝලික පල්ලියේ කිසියම් පාර්ශ්වයක් අශුද්ධ සංධානයක් ගොඩ නගා ඇති බවත්, ඒ පිළිබදව හෙළිදරව් කරමින් එය අභියෝගයට ලක් කිරීමට හරීන් ප්‍රනාන්දුට ඇති ධෛර්යය පිළිබදව තමන් සතුටු වන බවත්, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ඔහුගේ එම ට්වීටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ.

“වත්මන් ෆැසිස්ට් පාලන තන්ත්‍රයට සහාය දක්වන, අන්තවාදී බෞද්ධ භික්ෂූන් සමඟ අශුද්ධ සන්ධානයක් ගොඩ නගා ගත් කතෝලික පල්ලියේ – කිසියම් පාර්ශ්වයක – කුහකත්වය අභියෝගයට ලක් කිරීමට ඔහු තුළ ඇති ධෛර්යය සම්බන්ධයෙන් මම හරීන් ප්‍රනාන්දු පිළිබදව පැහැදීමට පත් වෙමි. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − nine =