අවුරුදු දෙක හමාරක බිළිදා සමග
කොරෝනා ආසාදිත මව රෝහලෙන් පලා යයි.
නිවසේ සිටිය දී දරුවා නැවත සොයා ගනී.
කොරෝනා වෛරසය ආසාදනය වී, අංගොඩ, අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ ඇගේ වයස අවුරුදු දෙක හමාරක බිළිදා, ඊයේ රාති‍්‍රයේ දී රෝහලෙන් පලාගොස් ඇති බව වාර්තා විය.
මව සහ බිළිදා සොයා මෙහෙයුම් දියත් කර තිබුණු අතර, මීට සුළු මොහොතකට පෙර අදාල දරුවා, ඇහැළියගොඩ නිවසේ සිටිය දී හමු වී තිබේ. මෙතෙක් මව සොයා ගැනීමට නොහැකි වී තිබේ.