අවුරුදු දෙකට ලක්ෂ 4000 ක් වැය කරමින්
අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනට ගෙන යයි.
වසර දෙකක කාලයක් සදහා අධිකරණ අමාත්‍යංශය, ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගෙන යාම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ සදහා යන වියදම ලක්ෂ 4000 ක් හෙවත්, රුපියල් මිලියන 400 කි.
එළැඹෙන ජනවාරි පළමු වැනි දා සිට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ සිට කි‍්‍රයාත්මක වීමට නියමිත ය.
වසර දෙකක කාලයක් සදහා මෙතරම් විශාල මහජන බදු මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් විවේචන එල්ල වී තිබේ.