“අවුරුද්දෙන් පස්සේ තැන තැන උපපොකුරු..! කොළඹ නවදිල්ලිය මෙන් විය හැකියි.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

0
124
- Advertisement -

“අවුරුද්දෙන් පස්සේ තැන තැන උපපොකුරු..!
කොළඹ නවදිල්ලිය මෙන් විය හැකියි.”
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.


අළුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව, රටේ බොහෝ ප‍්‍රදේශවලින් කොරෝනා උප පොකුරු මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා පවසයි.

කොරෝනා උප පොකුරු මතුව ඇති ප‍්‍රදේශ අතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, නාරම්මල, අලව්ව, ත‍්‍රීකුණාමලය සහ යාපනය යන ප‍්‍රදේශ පවතී.

මුලින්ම මෙසේ උපපොකුරු මතුව තිබුණේ මහරගම, පමුණුව සහ පිළියන්දල යන ප‍්‍රදේශවලයි.

රාගම බටුවත්ත ප‍්‍රදේශයෙන් පුද්ගලයන් 12ක් සහ දිවුල පිටියන් පුද්ගලයන් 26 ක් වශයෙන්, අවුරුදු සමයේ විවිධ උත්සව සදහා සහභාගී වීමෙන් පසුව හදුනාගත් ආසාදිතයන් වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ මගින් ඔවුන්ගේ සමීපතමයන් මේ වන විටත් හුදකලා කර ඇති බව පැවසේ.

මහරගම පමුණුව වෙළද සල් දෙකක් මේ වන විටත් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් වසා දමා තිබේ. ඔවුන්ගේ සමීපතමයන් 22 දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර, ඔවුන් හුදකලා කර තිබේ.

තත්ත්වය පාලනය කිරීම සදහා, රජය මේ වන විට දිනකට කරනු ලබන පී.සී.ආර් ප‍්‍රමාණය පහළොස් දහස දක්වා ඉහළ දමා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහීගියහොත්, කොළඹ, නවදිල්ලිය මෙන් අවදානම් සහගත තත්ත්වයකට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ මගින් අනතුරු හගවා තිබේ.


ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.