අවසානයේ සී ජින් පිං, ජෝ බයිඞ්න් ට සුබ පතයි.
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඞ්න්ගේ ජයග්රහණය තහවුරු වී තිබුණද, ඇතැම් රාජ්ය නායකයන් ඔහුට සුබ පැතීමට ඉක්මන් නොවී ය.
විශේෂයෙන්ම, චීනයේ ජනාධිපති සී ජිං පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් වැනි රාජ්ය නායකයෝ, ජෝ බයිඞ්න්ට සුබ පැතීමට ඉක්මන් නොවූ රාජ්ය නායකයන් අතරේ සිටියේ ය.
අවසානයේ දී, චීන ජනාධිපති සී ජිං පින්, ජෝ බයිඞ්න්ගේ ජයග්රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබුණේ ය. ඒ ඊයේ දිනයේ දී ය.
ඒ නමුත්, රුසියානු ජනාධිපතිවරයා, බ්රසීල ජනාධිපතිවරයා, මෙක්සිකෝ සහ උතුරු කොරියානු රාජ්ය නායකයා ඇතුළු තවත් රාජ්ය නායකයන් කිහිප දෙනෙකුම තවමත් ජෝ බයිඞ්න්ට සුබ පතා නැත.