අවසානයේ දී රනිල්; නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.

0
3952
- Advertisement -

අවසානයේ දී රනිල් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට අත් වූ අන්ත පරාජයෙන් පසුව, පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂය දරුණු පරාජයකට මුහුණ දීමට අමතරව, තමන්ගේ ආසනය පවා රැක ගැනීමට ඔහුට නොහැකි වීම, මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් සමග පැවති හමුවකට පසුව, තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ඒ නමුත්, අළුත් නායකයෙකු පත් කර ගන්නා තෙක්, පක්ෂ නායකත්වයේ රැදී සිටින ලෙසට, එම හමුවට එක් වූ ජ්‍යේෂ්ඨයන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති මෙම හමුවට, පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ රවී කරුණානායක යන අය සහභාගී වී තිබේ.