“අවදානම ඉහළයි. වහාම සංචරණ සීමා පනවන්න.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රජයෙන් ඉල්ලති.

0
321
- Advertisement -

“අවදානම ඉහළයි. වහාම සංචරණ සීමා පනවන්න.”
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රජයෙන් ඉල්ලති.


රට ලොක් ඩවුන් කිරීමක් සිදු කිරීම අවශ්‍ය නැතත්, කොරෝනා අධි අවදානම් ප‍්‍රදේශවල සිට අනෙක් ප‍්‍රදේශවල පුද්ගලයන් සංචරණය කිරීම සීමා කිරීමට වහා කටයුතු කළ යුතුව ඇති බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරු පෙන්වා දෙති.


සංචරණය සීමා නොකළහොත්, මේ උත්සව සමයේ, කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමේ අවදාමක් ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඬේලි මිටර් පුවත්පත සමග පවසා තිබේ.

මූලාශ‍්‍ර සොයාගත නොහැකි ආසාදිතයන් රට පුරා වාර්තාවෙමින් තිබෙන බවත්, ඉන් පෙනී යන්නේ, වසංගතය ක‍්‍රමයෙන් පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බව යැයි ද ඔහු පෙන්වා දෙයි.