අලුත් නියෝජිත පිරිසක් සමග පොහොට්ටුව සහ අත අද සාකච්ඡාවක.

0
606
- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද(27) පැවැත්වීමට නියමිතව ඇත.

එම පක්ෂ දෙක අතර මීට පෙරද සාකච්ඡා වාර හයක් පමණ පැවැත්විය. එහෙත් මාසයක පමණ කාලයක් එම සාකච්ඡා නතර වී තිබුණි.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ සහභාගී වන නියෝජිත පිරිසේ ද වෙනස්කම් සිදුව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්.

දයාසිරි ජයසේකර
මහින්ද අමරවීර
ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්.

බැසිල් රාජපක්ෂ
මහචාර්ය ජී.එල්.පීරිස්
ඩලස් අලහප්පෙරුම

යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − six =